nsb
Sathosa

Jun 14, 2018

පස්සර වෙළෙඳසැලක ගින්නෙන් තුනක් මියයයි (ඡායා)

පස්සර නගරයේ පිහිටි වෙළෙඳසැලක් තුළ ඇති වූ ගින්නකින් එහි සිටි කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ ඊයේ (13) රාත්‍රි අදාළ වෙළඳසැල ගිනිගෙන ඇති බවයි.

ගින්නෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එහි කාන්තාවන් තිදෙනෙකු ගින්නට හසුවීමෙන් මියගොස් තිබේ.

ගින්නෙන් මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බව පොලිසිය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පස්සර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඡායා-අද දෙරණ

1528954426 Fire Dead L

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top