nsb
Sathosa

Jun 14, 2018

මාළු සෙවූ ධීවරයින්ගේ සිරුරු හමුවෙයි

යාපනය,කයිට්ස්, පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී ඊයේ (13දා) සොයාගත් බව යාපනය කයිට්ස් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් එලෙස වෙරළට ගොඩගසා තිබියදී සොයාගත් බවයි.

තලෙයිමන්නාරම උතුර ප්‍ර‍දේශයේ පදිංචි 38 හැවිරිදි ඉරස්තියන් නමැත්තෙකුගේ හා 33 හැවිරිදි ආරෝග්‍යරාජ් නමැති දෙදෙනෙකුගේ මළ සිරුරු එලෙස සොයාගෙන ඇති අතර, ඥාතීන් විසින් මළ සිරුරු හඳුනාගෙන ඇත.

පසුගිය 08 වැනිදා අදාළ පිරිස තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති අතර, අනතුරුව නිවෙස් වෙත නොපැමිණ තිබිණ.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු බවද පොලිසිය සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාධව කුලසූරිය -වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top