Sathosa

Jun 14, 2018

ඥානසාර හිමිට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවම් (update)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.

මීට අමතරව ඥානසාර හිමියන්ට රුපියල් තුන්දහසක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

last update-12.30pm

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඥානසාර හිමි උසාවියට - ඒ අවට දැඩි ආරක්ෂාවක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අදට යෙදී තිබේ.

එය මුල් කොට කලබලකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබේ.

ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ මේ වන විට රැදී සිටිති.

මෙම සිදුවීම වාර්තා කිරීම සඳහා මේ වන විට දෙස් විදෙස් මාධ්‍යවේදීන් ද අධිකරණ සංකීර්ණයේ රැස්වී සිටියි.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණයට පැමිණ සිටී.

සබැඳි පුවත් -
ඥානසාර හිමි නිදහස් කිරීම නීතියට පටහැනියි !
සන්ධ්‍යාට තර්ජනය කළ ඥානසාර හිමි වරදකරු වෙයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top