Pasidol
Sathosa Ad Final Sinhala
Jun 14, 2018

SLPL කල් යයි : රසල්ගේ රැකියාවටත් කොට උඩ ! Featured

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය තිබූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (SLPL) ක්‍රිකට් තරගවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම මේවන විට ස්ථිර කාල වකවානුවක් යොදා ගැනීමට අධිකරණයේ පවතින නඩු හේතුවෙන් අපහසුව තිබීම හා මේවන විට ද ක්‍රිකට් ආයතනය කමිටුවක් මගින් පාලනයවීම නිසාය.

මේ තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂ ලෙස පත්කර සිටි රසල් ආනොල්ඩ් ට ද මේ අනුව රැකියාව අහිමිවනු ඇති බවට රාවයක් පැතිර තිබේ.

කෙසේවුවද, රසල් මේ තනතුර බාරගෙන මේවන විට දෙමසක් පමණ ගතවී ඇති අතර ඔහුට රුපියල් ලක්ෂ 10කට වැඩි වැටුපක් ගෙවන බවද වාර්තා වේ.

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top