Jun 15, 2018

තිලංගගේ තුරුම්පුව බූරුවෙකුට බාල්දු වෙයි ! Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට උපදෙස්දීමට ප්‍රවීන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කරන්නැයි ඉල්ලමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට යවන ලද ලිපියට නම් ඇතුළත් ක්‍රීඩකයන්ගේ විරෝධය පලව තිබේ.

කෙසේවුවද, ක්‍රිකට් ප්‍රවීනයන් කියා සිටින්නේ එය සැලැසුම්සහගත ක්‍රියාවක් බවයි.

අදළ ක්‍රීඩකයන් එවැනි කමිටුවකට යාම ප්‍රතික්ෂේප කිරීම හරහා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට හිතවත් පිරිසක් ක්‍රීඩා අමාත්‍යවරයා හරහා පත්කර ගැනීමේ සැලැසුමක් ලෙස ඇෂ්ලි මේ ලිපිය යවා ඇති බව ඔවුන් කියා සිටී.

එසේම මෙසේ නම් සඳහන් කර ඇති කිසිදු ක්‍රීඩකයකුගෙන් එවැනි කමිටුවකට එක්වීමට කැමැති දැයි විමසා නැති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඈෂ්ලි නම් කළ කමිටුවට මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම හා අරවින්ද ද සිල්වාගේ නම් ඇතුළත් කර තිබේ.

ඊට අමතරව මුත්තයියා මුරලිදරන්ගෙන් පුහුණු සහයක් ලබා ගැනීමට ඒ ලිපියෙන් යෝජනා කර ඇත.

සංගා නැහැ..

මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ කුමාර සංගක්කාරට තවත් මාස දෙකක් පමණ යන තෙක් කිසිදු වැඩකට සම්බන්ධවිය නොහැකි බව දැන දැන ඔහුගේ නම ඇතුළත් කර ඇති බවයි.

කෙසේවුවද මේ සඳහා මහේල ජයවර්ධන ඔහුගේ ට්ටිටර් ගිණුම හරහා පිළිතුරු දී තිබිණි.

තේරීම් නිලධාරීන්ට හා ක්‍රීඩා අමාත්‍යවරයාට සියළු ආකාරයේ ගෞරවසහිතව තමා වසරක කාලයක් ක්‍රිකට් කමිටුවේද, මාස හයක කාලයක් විශේෂ උපදේශක කමිටුවේද කටයුතු කරමින් නිර්දේශ ඉදිරිපත් කළද ඒවා ක්‍රීයාවට නොනැගුණු බවත්, තමාට වත්මන් පාලන ක්‍රමය සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව මහේල සිය පණිවුඩයෙන් කියා තිබිණි.

එසේම “ ඕනෑම කෙනෙකුට කාලය මිලදී ගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපව භාවිතා නොකරන්න!” යනුවෙන්ද ඔහු ඉල්ලා තිබිණි.

Mahela Twitter 15 06 18

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top