Jun 16, 2018

ITN වැඩේ කඩාකප්පල්කාරී වැඩක්දැයි සොයන්න යුද හමුදාවට බාරදෙයි

Update - අද (16) ස්වාධීන රූපවාහිනියේ (ITN) දෛනික වැඩසටහන් පෙළගැස්ම තාවකාලිකව අත්හිටුවීමට සිදුවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව සොයා බැලීමට යුදහමුදාවේ ශ්‍රී ලංකා සංඥා බලකාය (ශ්‍රීලංසංබ) (Sri Lanka Signals Corps) වෙත බාරදී තිබේ.

මේවන වට ඔවුන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම නාලිකා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකා සංඥා බලකාය සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය සහ විද්‍යුත් සංග්‍රාමික කටයුතු සැපයීම සිදුකරනු ලැබේ.

ස්වාධීන රූපවාහිනියේ (ITN) දෛනික වැඩසටහන් පෙළගැස්ම කාර්මික දෝෂයක් හේතුවෙන් පැයක පමණ කාලයක් අද (16) පෙරවරුවේ අත්හිටුවීමට සිදුවිය.

වසර 1979 දී ආරම්භ කරන ලද මෙම රූපවාහිනී නාලිකාවේ දෛනික වැඩසටහන් විකාශය කර ගැනීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

last update-11.00am

----------------------------------------------------------------------------------------------------------------------------

ITN නාලිකාවේ වැඩසටහන් නවතියි ! (update)

පැයක පමණ කාලයක් එසේ වැඩසටහන් පෙළගැස්ම අත්හිටුවා තැබීමෙන් පසුව මේවන විට එහි විකාශ කටයුතු නැවත ආරම්භ කර ඇත.

last update-8.35am

-------------------------------------------------------------------------------------------------------------------------------------------------

කාර්මික දෝශයක් හේතුවෙන් ස්වාධීන රූපවාහිනියේ (ITN) දෛනික වැඩසටහන් පෙළ ගැස්ම තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top