Sathosa

Jun 16, 2018

''ගෝඨා ෆේස්බුක් ජනාධිපති කරලා'' - මහින්ද කියයි

ඇතැමුන් විසින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 'ෆේස්බුක් ජනාධිපති' කර ඇතැයි පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කරන්නේ තමා බව කියා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මහනුවරදී එම කාරණය පැවසූ බැව් ලංකාදීප අද (16) පුවත්පතේ පලවී ඇත.

''සමහරු ෆේස්බුක් හරහා ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය තොරාගෙන අරක කලා මේක කලා කියලා බොරු කියනවා, සිරිසේන ජනාධිපති තුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනේ හිටපු ගමන්මයි, කවුරුත් දන්නේ නැහැ එතුමා එන බවක්...

ජනාධිපති අපේක්ෂකයා නම් කරන එක පසුව දන්වනවා, ඒක ඒ අවස්ථාවේදි එලියට දානවා, ජනතාවගේ මතයයි මම මේ කියන්නේ. මම කියන දෙය අනුවයි ජනාධිපති අපේක්ෂක ලෙස අයෙක් ඉදිරිපත් කරන්නේ එක තමයි ජනතාවගේ මතය'' බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූ බැව් එම පුවත්පත පවසයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top