Jun 16, 2018

පරිපාලන සේවා විභාග ප්‍රතිඵල වසර එකහමාරක් ප්‍රමාදයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ 2017 වර්ෂය සඳහා වන විවෘත හා සීමිත තරග විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වසර එකහමාරකට අධික කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් අයැදුම්කරුවන් බලවත් අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

වසරක කාලයක් ඇතුළත මෙම විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකළ යුතු වුවත් මේ වන තෙක් ප්‍රතිඵල නිකුත් නොකිරීමට හේතුව විභාග දෙපාර්තමේන්තුවේ පවතින අකාර්යක්ෂමතාවය නිසා බව එම අයැදුම්කරුවෝ චෝදනා කරති.

2017 වර්ෂයේ ප්‍රතිඵල නිකුත් නොකිරීම නිසා 2018 වර්ෂය සඳහා වන විවෘත හා සීමිත තරඟ විභාගයන් ද පැවැත්වීමට නොහැකි වී තිබීම නිසා 2018 වසරේ විභාගය සදහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින පිරිසට ද බලවත් අසාධාරණයක් සිදු වී තිබේ.

(සිළුමිණ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top