Jun 16, 2018

පැහැරගත් පකිස්තානු ක්‍රියාධරයා වෙනුවෙන් ලංකාවෙන් හඬක් (ඡායා) Featured

පකිස්තානයේ සාම ක්‍රියාධරයෙකු වන රාසා මහ්මුද් ඛාන් මහතා ගේ පැහැරගැනීමට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාධරයන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

අගස්-එ-දෝස්ති සංවිධානයේ Aghaz-e-Dosti (Initiation of Friendship) කැඳවුම්කරු ලෙස කටයුතු කළ 40 හැවිරිදි ඛාන් මහතා, ඉන්දු-පකිස්තානු මිත්‍රත්ව සබඳතා ගොඩනැගීම සඳහා බිම් මට්ටමෙන් කටයුතු කළ පුද්ගලයෙකු වන අතර, ඔහු පසුගිය දෙසැම්බරයේදී ලාහෝරයේදී පැහැරගනු ලැබුණි.

මීට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ‘ශ්‍රී ලංකාවේ දකුණු ආසියානු සහයෝගීතාවේ’ ක්‍රියාධරයන් පිරිස, කොළඹ පිහිටි පකිස්තානු මහා කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් ද ලබා දීමට කටයුතු කර තිබේ.

අතුරුදහන් වූ රාසා මහතා ගේ ඉරණම හා මීට වගවී යුක්තිය ඉටුකරන මෙන් ඔවුන් මෙම සංදේශය මගින් ඉල්ලා සිටියි.

(ඡායා : jdslanka.org)

sandya ekneligodahanding petition to pakistan hc

south asian solidarity protest colombo

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top