Jun 17, 2018

''අපරාධ ඉහලයද්දී පොලිස්පති භාවනාවේ'' - මහින්ද  Featured

රට පුරා අපරාධ රැල්ලක් පැවතියද පොලීසිය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි.

අද මොනතරම් අපරාධ සිදුවුවත් පොලිස්පතිවරයා භාවනා කරමින් සිටින බව ඔහු සඳහන් කලේ වරකාපොල - තල්ලියැද්ද ආනන්ද බෝධි විවේක සෙනසුන විහාරස්ථානයේ තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතු කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදිය.

තම පාලන කාලය තුල කටුනායක ඇතිවූ සිදුවීමට වගකීම බාරගෙන එවකට පොලිස්පතිවරයා ඉල්ලා අස් වූ බවත් තමන් පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි කියූ බවත් පැවසු මහින්ද රාජපක්‍ෂ මහතා, අද හුගක් අයට ඒවා අමතක බවද එහිදී කියා සිටියේය.

   


'සීමාව ඉක්මවා ගිය කතාව'ට බැසිල්ට ගහපු 'හින්ට්' එකක් ද ?

මේ අතර 14 දා අම්බලන්ගොඩ, අකුරල පැවති දකුණු පළාත් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිත හමුව අමතමින් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ පසුගිය රජය සමයේ සිදු වූ රතුපස්වල, හලාවත, කටුනායක ආදී සිදුවීම් සීමාව ඉක්මවා යාම් බවත් ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවත්ය.

ආසන්න කාල පරාසයන් දෙකක් තුල එකම කාරණයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ සොහොයුරා විසින් අදහස් පල කිරීම ගැන සමාජ ජාලාවන්හි විවිධ අදහස් පලවී ඇත.

හිටපු ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්‍ෂ මතතාගේ පූර්ව ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති බව බොහෝ සමාජ ජාලා පරිශීලකයන්ගේ මතයයි.

වීඩියෝ 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top