Sathosa

Jun 17, 2018

''මමයි සජිතුයි හිටියොත් ඇති. වෙන ඇමතිවරු අවශ්‍ය නෑ'' -රාජිත 

තමා හා සජිත් ප්‍රේමදාස මහතා හැරුණකොට ආණ්ඩුවට වෙනත් ඇමැතිවරු අවශ්‍ය නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

හම්බන්තොට මහ රෝහලේ නව වකුගඩු ඒකකය සඳහා මුල්ගල් තැබීමේ උත්සයට එක්වෙමි ඇමතිවරයා ඊයේ (16) එබව සඳහන් කළේය.

''මම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධවයි සිටියේ. නමුත් ඇත්ත කථා කළ යුතුයි. මමයි සජිත් ඇමැතිතුමයි කරපු වැඩ හොදටම ඇති.. මෙම ආණ්ඩුවට වෙන ඇමැතිවරු අවශ්‍ය නැහැ. සජිත් ඇමැතිතුමා ගෙවල් හදන්නේ දුප්පත් අසරණයිට. මම සෞඛ්‍ය මෙහෙයවන්නෙත් දුප්පතුන්ට හිතවාදී ලෙසයි.” යයි ද ඔහු කියා සිටියේය.

'' නීති කඩලා හරි රට සංවර්ධනය කල යුතුයි '' 

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“එංගලන්තයේ අක්ෂි සැත්කම් සිදු කිරිම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇති ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට මෙරට අක්ෂි වෛද්‍යවරුන් බලපෑම් කරනවා. නීතිය කඩලා කරපුවාම මාධ්‍යයෙන් විවේචන කරනවා. නීති රීති 84000 ක් තිබෙනවා. තිස්තුන්කෝටියක් දෙවිවරු වගේ. 

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා නීති කඩලා රට සංවර්ධනය කළා. නොබියව තින්දු තීරණ ගත්තා. ඉන් පසු පක්ෂ දෙකේ කොයි නායකයෙක්වත් එලෙස වැඩ කළේ නැහැ. වැඩ නොකළොත් ගැටලු රැසක් ඇති වෙනවා. නීති රීති තිබෙන්නේ වැඩ නොකරන්නයි. ''

35472375 100155974275954130 8288099486031413248 n

35411759 10155974276189130 6901119177373777920 n

35300545 10155974275219130 2601164333421428736 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top