nsb
Sathosa

Jun 17, 2018

සිංහරාජ අලි රකින්න රොක්වූ පරිසරවේදීන්ට මැර තර්ජන (වීඩියෝ/ඡායා) Featured

සිංරාජයේ අලි දෙදෙනාගේ ආරක්ෂාව වහා තහවුරු කරන ලෙස ඉල්ලමින් අද (17දා) රක්වාන කුඹුක හංදියේ පැවති සාමකාමී උද්ඝෝෂණයට මැර කණ්ඩායමක් පැමිණ තර්ජනය කර එය කඩාකප්පල් කිරීමට උත්සාහ කර තිබේ.

මෙම උද්ඝෝෂණය පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින්  සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය ,තරුණ නිතීඥවරුන්, සිංහරාජය අවට ප්‍රදේශවල ජනතාව ද සහභාගී වී සිටියහ.

මෙම විරෝධතාව කඩාකප්පල් කිරීමට දැව ජාවාරම්කරුවන් හා කසිප්පු ජාවාරම්කරුවන් යොදා කලවාන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ දේශපාලකයකු විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණේ යැයි ද ආරම්භයේ පටන්ම පොතුපිටිය හා රක්වාන පොලිස් ස්ථානවලින් ප්‍රදේශවාසී සංවිධායකයන්ට විවිධ බලපෑම් එල්ල වී යැයි ද එම සංවිධානයේ කැඳවුම්කරු වෑකඳවල රාහුල හිමියෝ පැවැසූහ.

 මෙහිදී අදහස් දැක්වූ පරිසරවේදී ටී.ඩී.කේ ප්‍රසන්න මහතා

''සබරගමු පලාත හා දකුණු පලාත තුල විහිදී ඇති සිංහරාජ වනාන්තරය 1988 වර්ෂයේ යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන්නේ මෙහි ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම මෙන්ම ලෝකයේම දුර්ලබ වන ගහනයන්ගෙන් එකක් වීම නිසායි.

35430762 10214635093883692 4566569916718645248 nහෙක්ටයාර් 8864 ලෝක උරුමයක් ලෙසත් එයින් පිටත ඇති තවත් සිංහ රාජයට අයිතිව තිබූ වනාන්තර ගණනාවක් පුරා විසිර ඇති සිංහරාජය මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් වන අතර එය මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හදුන් වනු ලැබේ. සියයට පහකට වැඩි ආවේණික ක්ෂිරපායීන් හා සමනලුනට වාසස්ථායක් වන මෙහි සියයට 70 පමණ ආවේණික ශාක විවිධත්වයක් දැක ගත හැකිය.

සිංහරාජයේ ජෛව විවිධත්වයටය වටිනාම කම එක්කලේ එහි ජීවත් වූ අලි ඇතුනය. 1980 පමණ වන විට අලි දාහත් දෙනෙකු පමණ සිටි සිංහරාජයේ 2005 වන විට අලි තුන් දෙනෙකුට සීමා විය. එයිනුත් දැන ඉතිරිව ඇත්තේ අල්ලා හොරොව්පතානට පිටමන් කිරීමට සැරසන මේ අලිදෙදෙනාය.

මෙම අලින් දෙදෙනා වැඩිපුරම ජීවත්වෙන්නේ වැද්දාගල, කුඩව,පනාපොළ ,කෝපිකෑලේ, සයිබ්රස් වත්ත ,කජුගස්වත්ත, රජවත්ත ,මානික්වත්ත, කහකැන්න,ඉලුඹකන්ද ආදී සිංහරාජයේ මායිම් ගම්මාන අවටය.

පහතරට නිවර්තන වැසි වනාන්තරයක් වූ සිංහරාජයේ පිරිපුන් බව, අභිමානය මෙම අලි දෙදෙනා නිසා තාමත් ජීවමානව පවතින බව නොරහසකි. මායිම් ගම්මානවාසීන් පවසන ආකාරයට මෙම අලි දෙදෙනා නිසා සිංහරාජයේ අනවසර දැව ජාවාරම් , අනවසර ඉඩම් අත්පත් කර ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා රාත්‍රී කාලයේ මායිම් ගම්මාන අවට සිදුවන හොරමැරකම් යම්තාක් දුරකට සීමා වී ඇත.
මිනිසුන්ගේ කරදර හමුවේ ඇතැම් විට මෙම වන අලි දෙදෙනා කෝපයට පත් වූ අවස්ථාද එම නිසා මිනිස් ජීවිත වලට හානි සිදුවූ අවස්ථාද කිහිපයක් ඇත. නමුත් මේ සෑම අවස්ථාවකම ගස් කපන්නන් හො වනාන්තරය තුල ජාවරම් සිදු කරන්නන් විසින් එම අලින්ට කරදර සිදු කර ඇත.35347257 10214634588951069 4730084097680998400 n

කුමන කරදර සිදුවුවත් සිංහරාජයේ සිටින් අලි ඇතුන් එයින් ගෙනයනවාට ඉහත ප‍්‍රදේශවල කිසිවෙක් කැමති නැති අතර මෙම අලි දෙදෙනා ගෙන යාමට බල කර සිටින්නේ ගස් කැපීමේ හා කසිප්පු පෙරීමේ ජාවාරමේ යෙදී සිටිනෙ පිරිස් හා ඔහුන්ට සහය දක්වන දේශපාලඥයන් කිහිපදෙනෙකුත් රජවත්ත පන්සලේ ස්වාමීන් වහන්සේ යන මේ පිරිස විසිනි.

ඒ නිසාම මෙම අලි දෙදෙනාගේ ජීවිත අවදානමකට ලක් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට පවතී. වගකිවයුතු රාජ්‍ය ආයතන කිසිවක් මෙම ගැටුම නිරාකරණයට ස්ථිර විසදුමක් ගෙන නොමැති අතර එනමුත් 2018.06.14 වන දින ගුවන් හමුදාව සමඟ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව මෙම අලි දෙදෙනා හොරොව්පතාන ප්‍රදේශයට රැගෙන යාම සඳහා මෙහෙයුම් දියත් කරන්නට විය.

සිංහරාජය අවට ගම්මානවාසීන් පවසන පරිදි මෙම මෙහෙයුම සඳහා මොවුන් පැමිණ ඇත්තේ ඉකුත් 2018.06 .12 වන දිනය. එසේ පැමිණ ඇත්තේ පසුගිය 09 වන දින රජවත්ත විහාරයේදී වනජීවී අමාත්‍ය ෆීඩ්ල් මාර්ෂල් සරත් ෆොන්සේකා හා නියෝජ්‍ය ඇමති වූ පාලිත තෙවරප්පෙරුම මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව ගන්නා ලද තීන්දු තීරණ වලට අනුවය.''

මෙහිදී අදහස් දැක්වූ පරිසරවේදිනී ශානිකා පතිරණ

2018.06 .14 වන දින ජනාධිපති විශේෂ නිවේදනයක් ඔස්සේ දන්වා ඇත්තේ සිංහරාජ රක්ෂිතයේ අලි දෙදෙනා තවදුරටත් රක්ෂිතයේම රඳවා තබන ලෙසය. නමුත් මේ සම්බන්ධව මාධ්‍ය වෙත ජානාධිපති කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනය නිකුත් කර පැයක් යන්නට මත්තෙන් දෙවන මධ්‍ය නිවේදනය නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටින්නේ විද්‍යාත්මක තීරණයක් ගන්නා තුරු අලි දෙදෙනා එහි රදවා තැබීමට ජනාධිපතිවරයා තීරණය කල බවයි ⁣. එයින් අදහස් වන්නේ නැවතත් මෙම අලි දෙදෙනා හෙරොව්පතානට ගෙන ගොස් දැමීමට ඉඩ ඇති බවයි.

35519884 10214635096483757 6201773298993332224 nවන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව අලියෙක් ඇල්ලීම හෝ ප‍්‍රවාහනය කිරීම ඇමතිකෙනෙකුගේ තනී තීරණයකට කල නොහැකිය. එසේ කරන්නේනම් එය වනජීවි අමාත්‍ය වරයා හා නියෝජ්‍ය අමාත්‍යවරායා විසින්ම වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත කඩ කිරීමකි. රාජ්‍ය ආරක්ෂක ආමත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ත්‍රිවිධ හමුදා නිළධාරීන් අලි ඇල්ලීමට යොදා ගත නොහැකිය. නමුත් මෙරට ආරක්ෂක අංශ වලට වන සතුන ගැන තීරණය කීරිමට ඉඩ දී ඇත්තේ කුමන බලයක් යටතේද? ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, පරිසර අමාත්‍යවරයා ලෙසත් මේවාට උත්තර සැපයීය යුතුය.

වන ජීවී අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාතයවරයා වන ජීවී නිතියෙන් පිටයමින් ගැනීමට උත්සහ කරන මෙම තීන්දුව ජීව විද්‍යාත්මකව එම අලි දෙදෙනාට එතරමි සුදුදුසු නොවේ. වැසි වනාන්නතරයකට හුරු අලි දෙදෙනෙක් වියලි කලාපයට ගොස් දැමීම නිසා ඔහුන්ට එම පරිසරයට අනුවර්තනය වීමට නොහැකිය. ඔහුන්ගේ ආහාර රටාව මෙන්ම ජීවන රටාවද සම්පූර්ණයෙන්ම වෙනස්වේ. වියළි කලාප වානාන්තර අශ‍්‍රිතව මෙරට අලි සහ ඇතුන් 3500 පමණ වාසය කරයි. එම කැලෑ වල ආහාර හිගය නිසා ඔහුන්ද ගම්වදිමින් ඇත. නමුත් සිංහරාජය තුල කිසිදු ආහර හිගයක් මෙම අලි දෛනාට නැත. ඔහුනට ඕනෑ තරම් ඉඩ කඩ මෙම වනාන්තරය තුල තිබේ. කිසිදු විද්‍යාත්මක අදහසක් නොමැතිව ජාවාරම් කරුවන්ගේ උවමනාවට මෙම අලි දෙදනා ඉවත් කල හොත් මෙම අලින්ගේ ජීවිතය විශාල අවදානමකට පත්වනු ඇත.

එම නිසා මේ සම්බන්ධව කරුණු මත පදනම්ව අලි දෙදෙනා ඉවත් නොකර ඔහුන්ගේ ආරක්ෂාවට මෙන්ම ඉහත පෙන්වා දුන් ගම්මාන වල ආරක්ෂාවට නිසි පියවරක් ගත යුතුය. වන ජීවි අමාත්‍යංශයට අවශ්‍යනම් එයට අවශය සහයෝගය හා දැනුමද අප ස්වේච්ඡාවෙන් ලබා දීමට සුදාමේ බව ඇය දැනුමි දී සිටියාය.

 

පරිසරවේදී පුජ්‍ය වෑකදවට රාහුල හිමි

35533784 10214634586951019 8753714197646278656 n

''අලි දෙදෙනා මෙයින් ඉවත් නොකර ගත හැකි පියවරයන් රාශියක් තියෙනවා. අප ඉදිරියේදි ලිඛිතව මේවා ජනපතිතුමාට හා වන ජීවී අමාත්‍යවරයාට දැනුම් දෙනාවා. කඩිනමින් සිංහරාජයට අයිති විය යුතු ඉඩම් පවරා ගැනීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල යුතුයි. ඉන්පසුව එම ඉඩම් ක්‍රමානුකූලව කැලෑ බවට පරිවර්ථනය කල යුතු අතර අලි ගම්වැදීම නැවැත්වීමට අලි වැටක් නිර්මාණයකිරීම ස්භාවික වැටවල් නිර්මාකිරීම පවරා ගන්නා ඉඩම් තුල අලින් අහාරයට ගන්නා ශාක ඇතුළු මිශ්‍ර වන වගා දියත් කිරීම සිදුකල යුතු අතර සිංහරාජය පවරා ගැනීමට ස්ථිර විසදුමක් ගත යුතුය.''

වීඩියෝ-නෙත් නිවුස් 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top