Jun 17, 2018

''නාමල්, බැසිල් -ගෝඨා දෙන්නටම අකමැතියි''

ඒකාබද්ද විපක්‍ෂය තුල මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් අර්බුදයක් හට ගෙන ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතාද ජනාධීපති අපේක්‍ෂකයා වීමට බලා සිටින බවත්, නාමල් රාජපක්ෂ මහතා ඔවුන් දෙදෙනාටම අකමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමිනි.

රාජපක්ෂ පවුල තුල මෙන්ම හා ඒකාබද්ධ විපක්ෂය තුල අර්බුද හටගෙන ඇතැයිද ඔහු එහිදී තවදුරටත් පැවසීය.

මේ තත්වය මත මහින්ද රාජපක්‍ෂ මහතා අන්ද මන්ද වී සිටින බවද ඔහු වැඩි දුරටත් කීවේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top