Jun 18, 2018

''එජාපයේ ජනපති අපේක්ෂකයා රනිල්'' - නලින් බණ්ඩාර

එළඹෙන ජනාධිපතිවරණයේ දී එජාපයේ අපේක්ෂකයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා එලෙස අදහස් දැක්වූයේ අලුතින් පත්වූ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් පිරිස සමග ඊයේ (17දා) මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට එක්වූ අවස්ථාවේදීය.

''එජාපයේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විය හැකියි. දැනට ඒ සඳහා සුදුසුම පුද්ගලයා ඔහුයි. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ පිළිබඳ ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමෙන් පසු එජාපය පුළුල් සන්ධානයක් තුළින් ඊට ඉදිරිපත් වීමට සූදානම්“ යැයි එහිදී අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top