Pasidol
Sathosa Ad Final Sinhala
Dec 17, 2016

ලංකාවේ දරු උපත් දහසකින් හයකට හදවත් රෝග Featured

මෙරට උපත ලබන සෑම දරුවන් දහසකගෙන් හයත් අටත් අතර පිරිසක් කිසියම් හදවත් රෝගයක් සහිතව උපත ලබන බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

වසරකදී මෙරට සිදුවන දරු උපත් ප්‍රමාණය තුන් ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වන බවත්, ඒ අනුව වාර්ෂිකව අලූත උපන් දරුවන්ගෙන් තුන්දහසක් පමණ කිසියම් හදවත් රෝගයකින් පෙළෙන බවත් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ළමා හා හෘද රෝග විශේෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා පෙන්වා දෙයි.

එවැනි දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලිට්ල් හාර්ට්ස් නමින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතියක් පිළිබඳව කරුණු දැක්විම සඳහා කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කෙරින.

ලිට්ල් හාර්ට්ස් ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දස මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අපේක්ෂිතය.

එමගින් ඉදිරි වසර විස්සක කාලය තුළ දරුවන් ලක්ෂ දෙකකගේ පමණ ජීවිත බේරා ගත හැකි බව විශේෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top