nsb
Sathosa

Jun 19, 2018

යාපනය නොසන්සුන් කළ ගැටුමෙන් 5ක් අත්අඩංගුවට

යාපනය,මල්ලාකම් සහායමාතා දේවස්ථානයේ පෙරේදා (17 දා) රාත්‍රියේ පැවති ‍වාර්ෂික මංගල්ලය අවස්ථාවේ සිදුවූ ගැටුමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා එළැඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා ඊයේ(18) සවස කටයුතු කළේය.

මෙම ගැටුම් අවස්ථාවේ පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් දේවස්ථාන උත්සවය වෙනුවෙන් පැමිණි මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි පාක්‍යරාසා සුදර්ශන් නමැති 31 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්විය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු එම පුද්ගලයාගේ මළ සිරුර ඥාතීන් වෙත ඊයේ (18) සවස භාරදුන් බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

සබැඳි පුවත්

යාපනය නොසන්සුන් -ආරක්ෂාව තරකරයි (ඡායා)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top