Pasidol
Sathosa Ad Final Sinhala
Dec 17, 2016

'වියාග්‍රා’ ගහලා හොර බිරිය එක්කසිටි විවාහකයා මරුට

ලංගික උත්තේජන ඖෂධ පානය කර විවාහක කතක්‌ සමඟ විවේක සුවය විඳීමට ජා ඇල ලැඟුම් හලක්‌ වෙත ගිය බව කියන 48 හැවිරිදි විවාහකයකු එහිදී වැළඳුනු අතුරු ආබාධයකින් මියගොස් තිබේ.

මොහු සිහිසුන්ව ලැඟුම්හල තුළදීම අභිරහස්‌ ලෙස මියගොස් ඇති බව ජා-ඇල පොලිසිය කියා සිටී.

මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාව අනුව මෙම සිද්ධියේදී මරණයට පත්ව ඇත්තේ රාගම බටලන්දේ පදිංචි සින්නයියා වඩිවළඳන් නමැති 48 හැවිරිදි විවාහකයෙකි.

මොහු කලක පටන් ජාඇල ඒකල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහක කතක්‌ සමඟ අනියම් ඇසුරක්‌ පවත්වා ඇත.

මොහු 15 දා එම කත සමඟ විසීමට ජා ඇල ලැඟුම් හලක්‌ වෙත ගොස්‌ ඇති අතර ඔහුට ඒ තුළදී වැළඳුනු ආබාධයක්‌ හේතුවෙන් ලැඟුම්හල තුළදීම සිහිසුන්ව අභිරහස්‌ ලෙස මරණයට පත්ව ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top