Pasidol

Sathosa

Jun 20, 2018

කිරිවෙහෙර හිමිට ඇස ගසා සිටි කාන්තාවක් අත්අඩංගුවට

කතරගම කිරි වෙහෙර විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් කිරීම සඳහා එහි ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා වන අසේල බණ්ඩාර හට සහාය දැක්වූ බව කියන ඔහුගේ අනියම් බිරිය තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (19දා) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයෙන් පලා ගොස් දික්වැල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී ඇය මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම නව නගරයේ පදිංචිකාරියක වූ දීපිකා දිල්හානි වීරරත්න (33) යන තැනැත්තියයි.

මෙම සැකකාරිය විහාරාධිපතිට වෙඩි තැබූ දින රාත්‍රියේ විහාරාධිපතිගේ ගමන් බිමන් පිළිබඳ විහාරස්ථානයේ සිට නිරීක්ෂණය කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

විහාරාධිපති හිමිනම ඝාතනයට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ ඇයව අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. එසේම ඇයව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සමඟ සිටි ඇයගේ සැමියා වන හේවාවිදානගේ සුගත් නොහොත් රාලහාමි (40) යන අයද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඊයේ (19දා) දහවල් කතරගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

සබැඳි පුවත්

කතරගම කපුවාගේ අනියම් බිරිඳ සොයා මෙහෙයුමක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top