nsb
Sathosa

Jun 20, 2018

දක්ෂිණ අධිවේගයේදී ඕස්ට්‍රේලියානු මව සහ දියණිය මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ 65 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

අද(20) උදෑසන 5 ට පමණ සිදුවු මෙම මාරක රිය අනතුරින් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් හා වයස අවුරුදු 4 ක කුඩා දැරියක් මිය ගොස් ඇත.

කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වු වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවසීය.

මාර්ගය අයිනේ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර කර තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඇති වෑන් රථය පෙරළී ගොස් අනතුරට පත්ව තිබේ.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් ඕස්ට්‍රේලියානු ජාතිකයින් සිව් දෙනෙකු හා ලොරි රථයේ රියදුරු තුවාල ලබා කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් විදේශීය ජාතික කාන්තාවක් හා කුඩා ගැහැණු දරුවා මිය ගොස් ඇති තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කොලින් ලුවිස් මොනිකා නැමති වයස අවුරුදු 37 ක් වු ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් හා කොලින් පොපි ග්‍රේබ්බියල් නැමති වයස අවුරුදු 4 යි මාස 5 ක් වු කුඩා දැරියක් බව පොලිසිය පවසයි.

මෘත ශරීර ඇල්පිටිය හා නාගොඩ යන රෝහල්වල තැන්පත් කර තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top