Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jun 20, 2018

‘හොටෙල් ෂෝ කලම්බු 2018’ ජූලි 20 - 22 දිනවල (ඡායා/වීඩියෝ)

සිය 20වැනි සංවත්සරය සමරමින් ‘හොටෙල් ෂෝ කලම්බු 2018’ ප්‍රදර්ශනය ලබන මාසයේදී පැවැත්වීමට ලංකා හෝටල් පාසැල් උපාධිධාරී සංගමය (CHSGA) කටයුතු කරමින් සිටියි.

මෙම උත්සවය ජූලි 20-22 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තරය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

හෝටල්, අවන්හල් හා කේටරින් සේවා සඳහා දකුණු ආසියාවේ විශාලතම ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘හොටෙල් ෂෝ කලම්බු’ හි ගෝලීය සන්නාම නාම රැසක් දැකගත හැකි වන අතර, ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, සීෂෙල්ස්, ඉන්දියාව හා වෙනත් දකුණු ආසියාතික රටවල නරඹන්නන් හා ගැණුම්කරුවන් ද මේ සඳහා එක්වනු ඇත.

මෙවර ප්‍රධාන ප්‍රදර්ශනයට අමතරව National Barista Championship, National Tabletop Cooking, National Room Stylist Challenge, Culinary Master Class, Ceylon Tea Masters’ Cup and the Colombo Food Fest වැනි විශේෂාංග රැසක් එක්වනු ඇති බව සංවිධායකයන් පවසයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට do-it-yourself මාදිලියේ අවසරපතක් හඳුන්වාදීමට සංවිධායකයන් අදහස් කර සිටියි.

මේ සම්බන්ධව විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ දින (19) කොළඹ පැවති අතර, එයට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති - කාවන් රත්නායක මහතා, CHSGA හි නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ රත්නායක මහතා පවසා සිටියේ සංචාරක හා සත්කාරකත්ව ක්ෂේත්‍රය යනු මෙරට අංක එකේ ව්‍යාපාරය බවයි.

‘හොටෙල් ෂෝ කලම්බු 2018’ හි සංවිධායක මණ්ඩලයේ සභාපති - ට්‍රෙවින් ගෝමස් මහතා අදහස් දැක්වූයේ මෙසේය :

 “සෑම වසරකදීම අපි මේ ප්‍රදර්ශනය හරහා ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා ගෙනඑමින් උත්සාහ කරන්නේ ආහාරපාන ව්‍යාපාරයේ රැඳී සිටින සියලු ව්‍යාපාර අංශවලට සාර්ථකව තම පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සඳහා දායකවීමටයි. මේ වසරේදීත් එය ඔවුන් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු වැඩසටහනක් බවට පත්වනු නිසැකැයි.”

මේ අතර, ලංකා හෝටල් පාසැල් උපාධිධාරී සංගමයේ සභාපති සමන්ත ගුණරත්න මහතා පවසා සිටියේ පසුගිය වසර ගණනාවක් පුරාවටම ‘හොටෙල් ෂෝ කලම්බු’ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ලබාදුන් දායකත්වයක් සමග සත්කාරකත්ව ක්ෂේත්‍රයේ සිටින ඕනෑම අයෙකුගේ වාර්ෂික දින දර්ශනයේ වැදගත් මොහොතක් බවට පත්ව ඇති බවයි.

ඊයේ මාධ්‍ය හමුවේ විශේෂ අවස්ථා කිහිපයකි මේ.

Hotel00007

Hotel00008

Hotel00009

Hotel00010

Hotel00011

Hotel00012

Hotel00013

Hotel00014

Hotel00015

Hotel00016

Hotel00017

Hotel00018

Hotel00019

Hotel00020

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top