ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙස සැලකෙන හම්බන්තොට වරාය ආයෝජනයට අදාළ අවසන් අදියර සඳහා වූ චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහයේ ශ්රී ලංකාවේ ප්රධාන නියෝජිත රේ රෙන් මහතා විසින් ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා වෙත ලබාදුන් බව වරාය අධිකාරිය පවසයි.
මෙම අවස්තාවට ශ්රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීන් මෙන්ම චයිනා මර්චන්ට් පෝර්ට් සමූහයේ උසස් නිලධාරීන්ද එක්ව තිබේ.