Sathosa

අනුනාහිමියන් කළ අනුශාසනාවේ තිබූ කරුණු මැනවින් අවබෝධ කර ගත්තා'' - ගෝඨාභය රාජපක්ෂ අනුනාහිමියන් කළ අනුශාසනාවේ තිබූ කරුණු මැනවින් අවබෝධ කර ගත්තා'' - ගෝඨාභය රාජපක්ෂ
Jun 26, 2018

''අනුනාහිමි අනුශාසනාව කලේ මට'' - හිට්‌ලර් කතාවට ගෝඨා උත්තර දෙයි Featured

බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක්‌ කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥවක්‌ ඇති මිනිසුන්ට බවත් තමන් වැනි සාමාන්‍ය පුද්ගලයකුගේ නිවසේ පැවැති පිංකමකදී අස්‌ගිරි අනුනාහිමියන් පෞද්ගලිකව තමන්ට පැවැසූ දේ පිළිබඳව දේශපාලනඥයන් විවිධ කතා මතුකරනුයේ අනුනාහිමිට විරුද්ධව නම් එය ඉතා නුසුදුසු ක්‍රියාවක්‌ බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසීයග

පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකයේ දැනුම් දීමකට අනුව ඊයේ (25දා) පෙරවරුවේ එහි පැමිණ ප්‍රකාශයක්‌ ලබා දීමෙන් අනතුරුව හිටපු ආරක්‌ෂක ලේකම්වරයා මාධ්‍ය හමුවේ එසේ සඳහන් කළේය.

මෙහිදී අස්‌ගිරි අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් පසුගිය දිනක කළ ප්‍රකාශය පිළිබඳ රටේ පවතින තත්ත්වය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමේදී තම නිවසේ පැවති පිංකමකදී අනුනාහිමියන් තමන් හමුවේ කළ අනුශාසනාවේ තිබූ කරුණු තමා මැනවින් අවබෝධ කර ගත්තද එය තේරුම් නොගත් පුද්ගලයන් අද විවිධ ප්‍රකාශ කරන බව ගෝඨාභය රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.

බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක්‌ කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥාවක්‌ ඇති මිනිසුන්ට වන අතර තමන් සාමාන්‍ය පුද්ගලයකු බවත්, පිංකමකදී පෞද්ගලිකව තමන්ට පැවසූ දේ පිළිබඳ ජනාධිපතිවරයා අගමැතිවරයා හා දේශපාලනඥයන් ඇතුළු විවිධ පිරිස්‌ නොයෙක්‌ කතා මතු කරනුයේ අනුනාහිමිට විරුද්ධව නම් එය ඉතාමත් නුසුදුසු ක්‍රියාවක්‌ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

වීඩියෝ 

සාක්‌ෂියක්‌ ලබා දීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පැමිණි බව මෙහිදී කී ගෝඨාභය රාජපක්ෂ මහතා, ඩී. ඒ. රාජපක්‌ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක්‌ සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රකාශය සටහන් කර ගත් බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් වන මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ කටයුතු අවසන් නිසා නීතියට අනුව කරන ඉදිරි කටයුතුවලදී උසාවියෙන් තීරණයක්‌ දෙනු ඇතැයිද ගෝඨාභය රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 FCID කැඳවීමට හේතුව ?

 තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් ලක්ෂ 900කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගියේය.

පොදු දේපළ පනත යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සුදනම්වූ අතර එම අවස්ථාවේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පොදූ දේපොළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි විය.

අභියාචනාධිකරණය එම නඩුව පසුගිය ජුනි 14 වෙනිදා කැඳවු අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන තහනම් නියෝගය ඉදිරියටත් බලාත්මක කිරීමට විනිසුරුවරුන් තීරණය කළේ.

එදින පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින් ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ජුනි 25 වෙනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අධිකරණය ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබිණි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත සඳුදා පැමිණියේ ඒ අනුවය. 

රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය
DA Rajapaksha

තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාවන ඩී.ඒ. රාජපක්ෂගේ 47 වන ගුණ සමරුවට සමගාමීව 2014 වසරේ නොවැම්බර් 6 වෙනිදා මෙම කෞතුකාගාරය විවෘත කෙරුණු අතර ඒ සදහා ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 900 ක් පමණ වැයකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුවේ.

කෞතුකාගාරය ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවේ ඩී. ඒ. රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ මණ්ඩලය සමග ඇති කරගත් නීත්‍යානුකූල එකඟතාවය මත බවත් මෙය සිවිල් ගණුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

මෙම චෝදනාවට අමතරව මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණවලින්ද ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

එලෙස පනවා තිබු නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත්වීම සම්බන්ධයෙන් පසුගියදා දැඩි කතාබහක්ද ඇතිවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top