Jun 27, 2018

'බදු උපදෙස් දීමට 25,000ක ගාස්තුව අසාධාරනයි'' - බන්දුල

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් කලක් බදු අය කරගැනීම සඳහා ස්ථාපිත කර තිබුණද මේ වන විට ඊට අතිරේකව උපදෙස් ලබාදීමටත් බදු අය කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බදු උපදෙස් ලබා ගැනීමේ ඉල්ලුම්පත් ලියාපදිංචි කිරීම සඳහා යම් මුදලක් අය කිරීම පිළිබඳව ගැටලුවක් නැතත් උපදෙස් ලබා ගැනීම සඳහා මෙතරම් මුදලක් ගෙවීමට සිදුවීම ප්‍රශ්නයක් බව ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ජනපති සහ අගමැති මැදිහත් වී හෝ බදු උපදෙස් සඳහා සිදුකරන මෙවැනි අය කිරීම් නවතා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

නව දේශීය ආදායම් පනත අනුව බදු උපදෙස් ලබා ගන්නකු ඒ සඳහා රුපියල් 25,000ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට සිදුවේ.

එවැනි මුදලක් ගෙවිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අප්‍රේල් 01 දාතමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කොට ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top