nsb
Sathosa

Jun 27, 2018

පාතාලය මර්දනයට හමුදාවත් එක්වෙනවා - ආරක්‍ෂක රාජ්‍ය ඇමැති

හිස ඔසවමින් තිබෙන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා ජනපතිවරයාගේ නියෝගයක් අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසීය.

පාතාලය මෙරටින් තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිවිටෙකත් පසුබට නොවන බව කී ඇමැතිවරයා, ඒ සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ද සහාය ලබා ගන්නා බව කීවේය.

පොලිස්‌ නිලධාරීන් නවීන ආයුධවලින් සන්නද්ධ කිරීමේ අවශ්‍යතාව මාතර සිදුවීමෙන් යළිත් මතුව ඇතැයි ද එය පොලිස්‌ නිලධාරීන්ගේ ආරක්‍ෂාවටත් කාලෝචිත ක්‍රියාවක්‌ බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

ඉකුත් සමයේ පාතාල ක්‍රියාකාරකම් යම් තරමකට මර්දනය වී තිබූ අතර, යළිත් පාතාලය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top