Pasidol
Sathosa Ad Final Sinhala
Dec 19, 2016

'සිග්නල් එක ලැබුණු ගමන් අපි ආණ්ඩුවෙන් බහිනවා' (වීඩියෝ) Featured

ශ්‍රී ලනිපය හවුල් ආණ්ඩුව නියෝජනය කරනතුරු කිසිදු සුපිරි ඇමති ධුරයකට ඉඩ ලබා නොදෙන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

කඹුරුපිටියේදී ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවට එක් වූයේ ඉන්න නොව යන්නම වුවත් එම දිනය තීරණය කරන්නේ ජනාධිපති මන්දිරයෙන් බවද ඔහු එහිදී පැවසීය.

කැබිනට් අනුමැතිය හිමිවෙලා !


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දරන ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු විෂයභාර ඇමැති ධුරයට සුපිරි බලතල ලැබෙන සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

අනතුරුව අගමැතිවරයා විසින් පසුගිය නොවැම්බර් 25 වන දින අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබිණි.

මෙම පනත් කෙටුම්පත මඟින් යෝජනා කර තිබෙන සංවර්ධන නියොජිත ආයතනයට සහ ප්‍රාදේශීය සංවර්ධන මන්ඩල වලට පළාත් සභා මහ ඇමැතිවරුන්ගේ ද විරෝධය මේ වන විට එල්ල වී ඇත.

එමඟින් පළාත් සභාවලට මෙතෙක් හිමිව තිබෙන බලතල පවා අගමැතිවරයා යටතට ගැනීම සිදු වන බවට ඔවුන් චෝදනා කරයි.


පළාත් සභාව තුළ සම්මත වීම :


එසේම මෙම පනත ක්‍රියාත්මක වීමට ඒ සම්බන්ධයෙන් කැමැත්ත පළ කරන යෝජනාවක් පළාත් සභාව තුළ සම්මත වීම ද සිදු විය යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේ නමුත් මේ වන විට මෙම පනත් කෙටුම්පත කුමන හේතුවක් මතවත් ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතු නැතැයි මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙම පනත මඟින් සංවර්ධන විෂයට අදාළ ඇමැතිවරුන්ගේ බලය ද සීමා වන බවත් අමාත්‍යාංශය කවර තීන්දු තීරණ ගත්ත ද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන සංවර්ධන නියෝජිතායතනයේ ප්‍රධාන නිලධාරියාගේ අනුමැතියට යටත්ව කටයුතු කිරීමට සිදුව ඇති බවත්ය.


වසර 3 සඳහා පමණයි :


මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙහි අරමුණ වී ඇත්තේ කිසිදු ජාතික ප්‍රතිපත්තියක්, සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක වන ජාතික හා ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සියල්ල සහ යෝජිත ව්‍යාපෘති, ජාතික ප්‍රතිපත්තියක් යටතේ සියලු ක්ෂේත්‍ර සහ සම්බන්ධීකරණයක් සහිතව එම ව්‍යාපෘති නිසි ඉලක්කයකට ක්‍රියාත්මක කිරීමටය.

කෙසේ නමුත් මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර ඇත්තේ ඉදිරි වසර 3 සඳහා පමණක් මෙම පනත ක්‍රියාත්මක වන බවය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top