ශ්‍රී ලංකා නාවික හමුදාව දක්ෂිණ හමුදා මූලස්ථානය හම්බන්තොට වෙත ගෙනයාමට කටයුතු කරමින් සිටින බවත්, හම්බන්තොට වරායේ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාලනය යටතේ පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් බියවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අගමැතිවරයා අවධාරණය කර සිටියි.
පසුගිය 29 දින කොළඹ පැවැති ආචාර්ය සමන් කැළෑගම අනුස්මරණ සම්මන්ත්රණයේදීඅග්රාමාත්යවරයා විසින් කරන ලද කතාවට අදාළව මුද්‍රිත මාධ්‍යවල පළවූ පුවතක් නිවැරැදි කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
බාහිර හමුදා මැදිහත්වීමක් සඳහා අප විරුද්ධ නොවන බවක් අගමැතිවරයා කිසිවිටෙක සඳහන් කර නොමැති බව එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ හමුදා ඒකකයක් ස්ථාපනය කිරීමට කලාපයේ කිසියම්ම නාවික හමුදාවකට හැකියාවක් නැතැයි අගමැතිවරයා එම උත්සවයේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.
හම්බන්තොට වරාය වානිජ්‍ය කටයුතුවලට පමණයි :
චීන හමුදා විසින් සිය කඳවුරු හම්බන්තොට ඉදිකළහොත් ඔබ කුමක් කරන්නේ දැයි වරක් ඇමරිකානු ජාතිකයෙක් ඇසූ පැනයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පූර්ණ හමුදා ඒකකයක් හම්බන්තොට ස්ථාපනය කර ඇති බවයි.
හම්බන්තොට වරාය නොබෝ දිනකින්ම හම්බන්තොට සහ මොණරාගල යන මෙතෙක් සංවර්ධන අවධානය අඩුවෙන් යොමු කරන ලද දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය ආර්ථික සංවර්ධන කටයුතු කඩිනම් කරන වාණිජ වරායක් පමණක් වනු ඇතැයි අගමැතිවරයා අවධාරණය කර සිටියි.