Jul 03, 2018

අපේ වැඩපිළිවෙළ 'ගෝඨා මඟ' නොවෙයි - වාසුදේව කියයි  Featured

ඉදිරියේ හැදෙන ආණ්ඩුවක මුලික ලක්ෂණ 'වියත් මඟ' ඉදිරිපත් කරන වැඩ පිළිවෙලෙහි ඇතැයි ඔවුන් පවසන කතාව පරස්පර බවත්, මහින්ද චින්තනය ජනතාවාදී බවත් මහින්ද පෙරටු කර ගත් ඔහු අගමැති කරගත් රජයකින් මැතිවරණ මෙහෙය විය යුතු බවත් ප්‍රජාතන්තරවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ ඊයේ  (02) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි. 

ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි  ඔහු එහිදී අවධාරණය කළේය.

ජනාධිපතිවරණයක් පැවැත්වීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් එය පවාසිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුතුව බවත් හෙතෙම කියා සිටියේය. 

එහි දී තව දුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා මෙසේ ද කීය. 

මහින්දගේ නායකත්වයට ආදේශක බැහැ :

‘‘ මේ ආණ්ඩුව කඩලා මහින්ද මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අගමැති කරන්න අපට වුවමනයි. ඒ සඳහා වැඩ පිළිවෙළ සරල බහුතරය කඩා අපේ පැත්තට මන්ත්‍රීවරුන් ගැනිමයි. 

මහින්ද මහත්යාගේ නායකත්වයෙන් මිස වෙනත් නායකත්වයන් ආදේශ කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයට මුවාවෙලා ඒ නායකත්වය යට කරගෙන එන්න දෙන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ගෙනත් විධායක ජනපතිවරණයක් අනවශ්‍ය තැනට ගෙනෙන්න. 

මේ වැඩ පිළිවෙළ මොකක්ද කියලා අහනවා. අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනයයි. වියත් මග නොවෙයි. ‘‘

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top