nsb
Sathosa

Jul 07, 2018

උපාධි සහතිකයෙන් ‘සයිටම්‘ නම ඉවතට

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට නියමිත සයිටම් සිසුන්ගේ උපාධි සහතිකයෙන් සයිටම් නම ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමේ දී ඔවුන්ගේ වෛද්‍ය උපාධි සහතිකයට විශ්ව විද්‍යාලයේ නම ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යන්න සඳහන් වෙද්දී වරහන් තුළ සයිටම් යන්නද සඳහන් කිරීමට පෙර තීරණය කර තිබු අතර ඊට ශිෂ්‍ය විරෝධතා මතුවී තිබුණි.

එම නම ඉවත් කරන ලෙස උපදෙස් දුන් බවත් උපාධි සහතිකය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ලැබෙනු ඇති අතර එහි සයිටම් නම සඳහන් නොවන බව සහතික කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණේ ඊයේ (06)පැවැති රැස්වීමක දීය.

සයිටම් සිසුන් හා මව්පියන් දැනුම්වත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

සයිටම් නම ඉවත් කරන බවට ජනාධිපතිවරයා සිය කථාවේ දී පැවසූ අවස්ථාවේ සිසුන් හා දෙමාපියන් අත් පොලසන් දෙමින් සිය සතුට පළ කරනු දැකිය හැකිවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top