Pasidol
Jul 07, 2018

චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට ? Featured

ලංකාවෙන් බිහිවූ දක්ෂතම වේග පන්දුයවන්නකු වන චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම්වන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඔහු දේශපාලන ප්‍රවෙශය වෘත්තාන්ත චිත්‍රපටයක් හරහා සිදු කිරීමට සැලැසුම් කර ඇති බව පැවසෙන අතර එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රභූ දේවා විසින් බවද පැවසේ.

පසුගියදා මොහු ඉන්දියාවේ ප්‍රබල දෛවඥයන් ගණනාවක් මුණගැසී ඇති බවද මේ අතර වාර්තා වේ.

පසුගිය කාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ද මෙලෙස දේශපාලනයට එක්වන ලෙස එජාපය ආරාධනා කළද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

වාස්, පසුගිය දිනක එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බවද මේ අතර වාර්තා වේ.

ඊට අමතරව, ඉදිරි මැතිවරණයකදී හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් තිලකරත්න ඩිල්ෂාන්ද දේශපාලනයට පිවිසීමට සූදානමක් ඇති බව පැවසේ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top