Sathosa

Jul 08, 2018

"රටට අවශ්‍ය නායකයා ගෝඨා'' - විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න Featured

මනා දර්ශනයක් ඇති ඍජු තීරණ ගන්නා නායකයෙකු රටට තෝරා පත් කර ගත යුතු බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට එකම සුදුස්සා බවත්  ‘‘හරිමග’’ සංවිධානයේ නිර්මාතෘ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඊයේ (07) පස්වරුවේ කොලොන්නාව රජ මහා විහාරයේදී පැවති ‘හරිමග’ සමාරම්භක සමුළුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කලේය.

සම්මන්ත්‍රණය අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා මර්දනය කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවයි.

1530973515 gota L



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වියත්මග, මහින්ද චින්තනයේම දිගුවක් - ගෝඨා '

මෙම හරිමඟ' සම්මන්ත්‍රණය ඇමතු ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා, 
කාලයට ගැලපෙන ආකාරයෙන් අද තිබෙන ගැටළුවලට අවශ්‍ය විසඳුම් ලබාදීමට සඳහා මහින්ද චින්තනය ඉදිරියට ගෙනයා යුතු බව කියා සිටියේය.

'වියත්මග' සංවිධානය ඇති කරන ලද්දේ ඒ සදහා විද්වතුන් ව්‍යවසායකයන් එක් කිරීමට බවද ඒ මහතා එහිදී පැවසිය.

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ආ විට එමගින් මේ රට සංවර්ධනය කරන සැලසුම් වියත්මග සංවිධානයෙන් සකස් කරන බවත් කී ඔහු ඉදිරියේදී පිහිටුවන රජයක් පිහිටුවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බවද කියා සිටියේය.

වීඩියෝ 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top