Jul 08, 2018

CTB යට හන්ගේරියන් බස් ගේන්න ගිවිසුමක් ! Featured

හංගේරියානු පෞද්ගලික සමාගමකට අයත් බස් රථ 1,000 ක් ශ්‍රී ලංගම මගින් ධාවනය කිරීමට ගිවිසුමකට එළඹ ඇති බව ප්‍රවාහන අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම බස් රථවලට ගෙවීම් සිදු කිරීමට යන්නේ  ධාවනය වන කිලෝමීටර ගණන අනුව  බවද පැවසේ.

දළ වශයෙන් කිලෝමීටරයකට රුපියල් 60ත් 70ත් අතර මුදල් ලංගමයෙන් ගෙවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
 
අදාළ බස් රථවල සියලු නඩත්තු කටයුතු එම පෞද්ගලික සමාගම විසින් සිදුකරනු ලබන අතර ඊට අවශ්‍ය රියැදුරන් සහ තෙල් ලංගමය හරහා ලබාදීමට යෝජනාවට අනුව තීරණය වී ඇත.
 
කෙසේවුවද, එම බස් රථ වසර දහයකට පසුව ශ්‍රී ලංගමය සතුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
 
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව එළඹෙන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.
 
එහි ප්‍රගතිය අනුව බස් රථ 1,000 බැගින් ගෙවීමට සැලැසුමක් ඇති බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top