Jul 09, 2018

ජපානයේ ජල ගැල්මෙන් ලාංකිකයන්ට හානියක් නැ

නිරිතදිග ජපානයේ ඇති වී තිබෙන ජල ගැලීම් හා නාය යාම්වලින් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි ජපාන බලධාරීන් තහවුරු කර ඇත.

ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පළාත් රාජ්‍ය නිලධාරීන් ඇතුළු අදාළ බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ජපානයේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 100 ඉක්මවා ඇති අතර, 50 දෙනෙකු පමණ අතුරුදන් වී සිටිති.

ගංඟා ඉවුර තලා යාමත් සමඟ මිලියන 2කට අධික ජපානවාසීන්ට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව සඳහන්වේ.

ජපාන ජල ගැල්මෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ හිරෝෂිමා ප්‍රදේශයටය.

 (හිරු නිව්ස්)

 



 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top