නඩු විභාගයක් සඳහා ඊයේ (09දා) කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ ජනමාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය දැඩි භීතියට පත්ව සිටින අතර මේ හේතුවෙන් ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාව "හිට්ලර්ට" සමාන කරමින් අදහස් පතුරුවමින් සිටින බව කීවේය.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙලා දකින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ,අනුනායක හිමියන් විසින් සදහන් කල ආකාරයේ මිලිටරි ආණ්ඩුවකට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද බවත් යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවත් අවධාරණය කර සිටියේය.
ප්රජාතන්ත්රවාදී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට තුල මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.
සබැඳි පුවත් :
අපේ වැඩපිළිවෙළ 'ගෝඨා මඟ' නොවෙයි - වාසුදේව කියයි