Pasidol

Sathosa

Jul 11, 2018

සුමතිපාලට එරෙහි විරෝධයට මහ සෙනගක් ! (ඡායා) Featured

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සතු දේපල අවභාවිතා කිරීම හා ව්‍යවස්ථා විරෝධී පාලනයට එරෙහිව එහි සභාපති ජගත් සුමතිපාල මහතාට එරෙහිව ඊයේ (10) එම සම්මේලනය ඉදිරිපිට පැවැති විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටියේය.

එම විරෝධතාව ආරම්භවූයේ පස්වරු 2.00 ට පමණ වුවද අදාළ පිරිස් පස්වරු 5.00 පමණ දක්වා එම විරෝධතාවයේ නියැලෙමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිට රැඳී සිටියේය.

මේ විරෝධතාව දියත් කළ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සුදත් දේවපුර මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ ජගත් සුමතිපාල මහතාට එහි සභාපතිධූරය දැරීමට නිල බලයක් නොවන බවයි.

නිල බලයෙන් එහි සභාපතිවරයා වන්නේ තමා බවද එහිදී ඔහු කියා සිටියේය.

protest01

protest02

සබැඳි පුවත්
බෞද්ධ දේපල හොරා කෑවයි සුමතිපාලට විරෝධයක් (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top