nsb
Sathosa

Jul 11, 2018

ග්‍රාම නිලධාරිනිය පොලිස් නෝනගේ අත සපා කයි

ග්‍රාම නිලධාරිවරියක විසින් රක්‌වාන පොලිස්‌ ස්‌ථානයේ සේවය නියුතු කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියකගේ අත සපා කෑම නිසා එම කොස්‌තාපල්වරිය රක්‌වාන රෝහලට ඇතුළත් කළ බව රක්‌වාන පොලිසිය කියයි.

මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ රක්‌වාන පොලිසියේ සේවයේ නියුතු ඩබ්.පී.සී පෙරේරා නමැති කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියකි.

මීට පෙර අවස්‌ථාවකදී පොලිස්‌ නිලධාරියකුට බැණ වැදී තර්ජනය කිරීමේ චෝදනාවකට ලක්‌ව ඇති වත්තෙකන්ද ප්‍රදේශයේ පදිංචි මෙම ග්‍රාම නිලධාරිනිය අධිකරණ නියෝගයක්‌ මත පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිට ඇත.

කිසියම් අවශ්‍යතාවයකට මෙම නිලධාරිනිය රක්‌වාන පොලිසියට පැමිණ ඇති අතර එම අවස්‌ථාවේදී මෙම නිලධාරිනිය ඇය අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙලෙස අත සපා කා තිබේ.

අත සපා කෑමට ලක්‌වූ කොස්‌තාපල්වරිය ප්‍රතිකාර සඳහා රක්‌වාන රෝහලට ඇතුළත් කළ බවත් ග්‍රාම නිලධාරිවරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියාසිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top