nsb
Sathosa

Jul 11, 2018

ලෝකාන්තෙ යන්න කෙටි පාරක් සොයාගනී

ලෝකාන්තය නැරඹීම සඳහා යාමට ඉතාම කෙටි මාර්ගයක් බලංගොඩ සිට නම්පෙරියල් වතුයාය හරහා වැටී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

සුදු අධිරාජ්‍යවාදීන් මෙරට වතු පාලන කරන සමයේ ස්ථාපිත කරන ලද බලංගොඩ සිට නම්පෙරියල් වතුයාය හරහා ලෝකාන්තය දක්වා දිවෙන මෙම මාර්ගය අදටත් භාවිත කළ හැකි තත්ත්වයේ පවතී. මේ මාර්ගය හරහා ලෝකාන්තය නැරඹීමට යන සංචාරකයෙකුට ඇවිද යාමට ඇත්තේ කිලෝ මීටර් දෙක හමාරක් වැනි දුරක් පමණි.

එය නීත්‍යානූකුල ලෙස පවත්වාගෙන ගොස් මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ප්‍රදේශවල ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

බලංගොඩ, බෙලිහුල්ඔය හා පඔහින්න ප්‍රදේශවල ජනතාව හා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පසුගියදා මෙම මාර්ගයේ නිරික්ෂණයකට එක් වු අතර ඔවුන් පෙන්වා දෙන්නේ නීත්‍යානුකූල ලෙස මෙම මාර්ගය සංචාරකයින් සදහා විවෘත කිරීමට හැකි වන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට මහගු පිටුවහලක් වන බවයි.

මේ වන විටත් මෙම මාර්ගය දන්නා බොහෝ පිරිස් ඒ ඔස්සේ ලෝකාන්තය නැරඹීමට පැමිණෙන අතර එය නිසි ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය දැනුවත් කර ඇති බව සභාපතිවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top