Pasidol

Sathosa

Jul 11, 2018

උපාධිධාරී පත්වීම් වලදී දේශපාලන ලැයිස්තු වලට කිසිම ඉඩක් නෑ (වීඩියෝ)

මේ දිනවල පවතින උපාධිධාරීන්ගේ ගැටළුවට කඩිනමින් නිසි විසදුම් ලබාදෙන බවත් කාටවත් ඕන හැටියට ලැයිස්තු සකස්කර ගෙන උපාධිධාරී පත්වීම් ලබා දීමට ඉඩ නොතබන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටියි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා (08දා) පැවති මාවනැල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ කාර්යයේදී ජනාධිපතිතුමා නායකත්වය අරගෙන නිසි පරිදි කටයුතු කරනව බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාවක්

රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමේදී කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

එහි අතිරේක ලේකම් අසංක දයාරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව පුහුණුවට බඳවා ගැනීම සඳහා දැනට තෝරාගෙන ඇති 5000 කණ්ඩායමේ සිටින විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාව පිළිබඳව සොයා බැලීමක් සිදු කරන බව ය.

එම කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බව ද අතිරේක ලේකම්වරයා පැවසුවේ ය.

කෙසේ වෙතත් බඳවා ගන්නා පළමු කණ්ඩායමට අභ්‍යන්තර හා බාහිර ලෙස වර්ගීකරණයකින් තොරව විශේෂ අවශ්‍යතා ඇති උපාධිධාරීන් පිරිසක් හා එල්.ටී.ටී.ඊ. ය හා සම්බන්ධව සිට පසුව පුනුරුත්ථාපනය වූ උපාධිධාරීන් පිරිසක් බඳවා ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

බේද එපා

කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමේදී විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව දීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයට රැකියා විරහිත ඒකාබද්ධ උපාධිධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි.

එහි කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් ප්‍රකාශ කළේ, එය මානව හිමිකම් පවා උල්ලංඝනය කිරීමක් බව ය.

කල් මැරීමේ උපක්‍රම වලින් බැහැරව රැකියා විරිහිත උපාධිධාරීන්ට කඩිනමින් රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියි.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top