Pasidol

Sathosa

Jul 11, 2018

පොලිසියෙත් හරක් හොරු - නිලධාරියෙක් අත්අඩංගුවට (ඡායා)

බලපත් රහිතව නීති විරෝධි ලෙස ඇල්ලූ එළ ගවයින් හය දෙනෙකු මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා කුඩා කැබ් රථයක පටවාගෙන ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙකු ඊයේ(10) මුලතිව් මුල්ලියාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මුල්ලියාවේලි පොලිසිය පවසයි.

මෙම සැකකරු පුදුකුඩිඉරිප්පු පොලිසියට අනුයුක්තව සේවය කරන බවත්, අත්අඩංගුවට ගැනීම සිදුවු අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු, කැබ් රථය හා එළ ගවයින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙහෙයුම සිදු කළ අවස්ථාවේ පලාගිය අනෙක් පිරිස් සොයා පරීක්ෂණ පවත්වන බවද මුල්ලියාවේලි පොලිසිය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

cow2

cow1

cow3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top