Pasidol

Sathosa

Jul 11, 2018

කරාපිටිය රෝහල් බලධාරීන් රෝහලටම ලෙඩක් දායි

ගාල්ල කරාපිටිය රෝහලේ සායනික අපද්‍රව්‍ය ( Clinical waste ) බැහැර කිරීම දින කිහිපයක් තිස්සේ අඩාල වීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් වී තිබෙන බව, රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වයට හේතුවී ඇත්තේ එම අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත් ක‍්‍රමයට ඉවත් කරගත් පෞද්ගලික සමාගම මෙම කටයුත්ත නවතා දමා තිබීමයි. මෙම රෝහලේ සායනික අපද්‍රව්‍ය පුළුස්සා විනාශ කිරීම සඳහා ස්ථාපිත කර තිබූ යන්ත්‍රයද ක‍්‍රියාවිරහිත වී වසර ගණනාවක් ගතවී තිබේ.ඒ සඳහා අලුතින් දාහකයක් සවිකිරීමට සැලසුම් සකස් කර තිබු මුත් එයද මේ වනතෙක් ක‍්‍රියාත්මක නැත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා මෙසේ කීය.

"සායනික අපද්‍රව්‍ය දැනට සති කීපයක් තිස්සේ ඉවත් නොකිරීම සත්‍යයක්. මේවා ඉවත් කළේ පෞද්ගලික සමාගමක් මගින් තමයි. ඒ සඳහා කිලෝවකට යම් මුදලක් ගෙව්වා. ඒ සමාගමේ යම් ගැටලුවක් හේතුවෙන් දැන් මේවා ඉවත් කරන්නේ නැහැ.දැනට අපි මෙම අපද්‍රව්‍ය රෝහල් භූමියේම ගොඩ ගසා තිබෙනවා. මේ ආකාරයට වැඩි දවසක් කරන්න බැහැ. මේක සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වීමට ඉඩකඩ බොහෝයි. සාමාන්‍ය කසළ නගර සභාවෙන් ඉවත් කිරීම සිදු කරනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. සායනික අපද්‍රව්‍ය පුළුස්සා විනාශ කිරීමට මෙම රෝහලේ දාහකයක් තිබුණා. ඒක දැන් ක‍්‍රියා විරහිතයි. ඒකට අලුතින් එකක් සවිකිරීමට යෝජනා වුණා. නමුත් තවමත් ඒක ක‍්‍රියාත්මක නැහැ. ඒකයි ගැටලුව වී තිබෙන්නේ. කෙසේ නමුත් බලධාරින් සමඟ සාකච්ඡාකර මේ ගැටලුව විසඳන්නට පියවර ගන්නවා".

සුනෙත් ගාල්ලගේ -ගාල්ල වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top