Pasidol

Sathosa

'පසුගිය වසර තුන හමාර තුළ මේ රටේ මිනීමැරම් සහ ස්ත්‍රී දූෂණ අඩුවෙලා' - ජනාධිපති 'පසුගිය වසර තුන හමාර තුළ මේ රටේ මිනීමැරම් සහ ස්ත්‍රී දූෂණ අඩුවෙලා' - ජනාධිපති
Jul 11, 2018

''මරණ දණ්ඩනයට අත්සන් කරනවා' -ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපතිවරයා පවසයි.

මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ, අද (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති “මතට එරෙහිව පාසලෙන් ජවයක්” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය එක්ව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවනු ලබයි.

මිනීමැරම් සහ ස්ත්‍රී දූෂණ අඩුවෙලා :

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමින් පෙන්වා දුන්න ද පසුගිය වසර තුන හමාර තුළ මේ රටේ මිනීමැරම් සහ ස්ත්‍රී දූෂණ අඩුවී ඇති බවයි.

2008 වසරේ සිට ගෙවී ගිය වසර 10 තුළ සිදුවූ මිනිස් ඝාතන පිළිබඳ ඊයේ දින ජාතික ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මිනීමැරුම් සහ අපරාධ ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කරන වැරදි මාධ්‍ය වාර්තා ඇතැම් දේශපානඥයින් ද තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන බවයි.

ස්ත්‍රී දූෂණ ඉහළයාමට සමාජ වෙබ් අඩවි ප්‍රධාන සාධකයක් :

කෙසේ වෙතත් මිනිමැරුම් සහ ස්ත්‍රී දූෂණ ඉහළයාමට මත්ද්‍රව්‍ය සේම සමාජ වෙබ් අඩවි ද අද ප්‍රධාන සාධකයන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මෙන්ම දෙමාපියන්ගේ ද ප්‍රමුඛ අවධානය යොමු විය යුතු බව සඳහන් කළේය.

යහපත් සහ මතින් නිදහස් රටක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් දැනුවත් කරමින් ඔවුන් සමාජයේ ප්‍රධාන පණිවිඩකරුවන් බවට පත්කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top