Pasidol

Sathosa

Jul 12, 2018

අර්ජුනගේ තීරණයෙන් තෙල් සංස්‌ථාවට දවස්‌ 4 ට කෝටි 40 ක පාඩුවක්‌ Featured

මුදල් අමාත්‍යාංශය මගින් ඉන්ධන මිල සූත්‍ර කමිටුව හරහා ඉන්ධන මිල ඉහළ දමා තිබියදී එය පිළිනොගෙන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නියෝගය මත ඛනිජ තෙල් සංස්‌ථාව විසින් පැවති මිලට ඉන්ධන බෙදා හැරීම නිසා ගෙවී ගිය සිව් දිනක කාලය තුළ සංස්‌ථාවට සිදුව ඇති පාඩුවරුපියල් කෝටි හතළිහ ඉක්‌මවා ඇතැයි ඛනිජ තෙල් සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මිල ඉහළ නොදමා පසුගිය දින හතර තුළ ඛනිජ තෙල් සංස්‌ථාව මගින් අලෙවි කර තිබෙන සාමාන්‍ය ඩීසල් ප්‍රමාණය ලීටර් දෙකෝටි පනස්‌ලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ හත්සියයකි.

ඊට අමතරව සුපර් ඩීසල් ලීටර් දහහතර ලක්‍ෂ විසිපන්දහස්‌ හැටක්‌ (1425060) ද ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටර් විසිහත්ලක්‍ෂ දොළොස්‌දහස්‌ හැටක්‌ (2712060) සහ ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටර් එක්‌කෝටි අසූපන්ලක්‍ෂ හැත්තෑනව දහසක්‌ (18579000) ද එම දින හතර තුළ සංස්‌ථාව මගින් අලෙවි කළ බව ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සංස්‌ථාවට සිදුව තිබෙන සම්පූර්ණ අලාභය රුපියල් හතලිස්‌ කෝටි හැත්තෑදෙලක්‍ෂ හැටදහස්‌ තුන්සිය විස්‌සක්‌ (407260320) වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top