Pasidol
Jul 12, 2018

මරණ දඩුවමට ක්ෂමා සංවිධානයේ විරෝධය

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන්නේ නම් එම සැළසුම් හකුලාගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන්නේ එම දඩුවම ක්‍රියාත්මක නොකර, පවත්වාගෙන පැමිණි ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රි ලංකාව පියවර ගත යුතු බවයි.

මරණ දඩුවම, කෘර සහ වෙනස් කළ නොහැකි දඩුවමක් බව ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.

ලොව බොහෝ රටවල් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති මොහොතක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන් ශ්‍රී ලංකාව එම බිහිසුණු පිළිවෙත අනුගමනය කරන රටවල් ගොන්නට එක්වීමේ වැරදි පියවරක් ගැනීමට උත්සාහ කරන බව ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.

රජය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා නම් එය කඩිනමින් නැවැත්විමට පියවර ගත යුතු අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තම සංවිධානයන සම්පූර්ණයෙන් විරුද්ධ බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top