Pasidol

Sathosa

Jul 12, 2018

මත්කුඩු වලට එරෙහි සටනට ත්‍රිවිධ හමුදා කැඳවයි

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත, නීතිපතිවරයා නිර්දේශ කරන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

මීට අදාළ කැබිනට් යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඒකබද්ධව ඉදිරිපත් කර ඇත.

මත්ද්‍රව්‍ය ව්‍යාපාර සිදුකරමින් මරණ දඩුවමට ලක්වී සිටින අය සිරගෙදර සිට මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවමින් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම නිසා මරණ දඬුවමට ලක්ව සිටින රැඳවියන් දෙවන වතාවටත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් සිදු කළ බවට අනාවරණය වුවහොත් ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේදී කැමැත්ත පළ කළ බව සෞඛ්‍ය හා පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයෙන් වාර්තාව පැමිණි පසු එවැනි වැරැදිකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිවරයා සිය අත්සන යොදනු ඇති බවද ඇමැතිවරයා හෙළි කළේය.

වැඩිහිටි ජනගහනය මෙන්ම තරුණ ප්‍රජාවද ගොදුරු කරගනිමින් රට තුළ ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ප්‍රමුඛව ශ්‍රී ලංකා පොලිසිය විශාල කාර්යභාරයක් ඉටු කරන අතර, විශේෂ අවස්ථාවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදවේ සහායද ලබා ගනු ලබයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සාර්ථකව මැඩපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රිය දායකත්වය ලබාගැනිමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවත්විමට යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නිතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top