Sathosa

Jul 12, 2018

'ගෝඨා ගැන කතා කරන්නවත් එපා'- මහින්දගේ නිවස ඉදිරිපිටදී වෙල්ගම කියයි

අපට උවමනා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් බවත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා සමග ඔහුගේ නිල නිවසේ පැවති සාකච්ජාවකින් පසු පිටව යන අතරේ “ඒකාබද්ධයේ මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන එන්නේදැයි” මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේදී පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එන්නේ නම් පමණක් ඔහුට ජනාධිපති වීමට හැකි වනු ඇතැයිද කී මන්ත්‍රී වෙල්ගම මහතා, රාජ්‍ය නායකයා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් විය යුතු යයිද පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top