Pasidol
Jul 12, 2018

උතුරේ ඇමතිලා හොර ෆාමසි දාගෙන

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් විසින් නීති විරෝධී ඖෂධ වෙළෙඳසැල් පවත්වාගෙන යාම පිළිබඳව පෙරේදා (10 දා) උතුරු පළාත් සභාවේදී සාකච්ඡා විය.

උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති පී. ගුණසීලන් මහතා එහිදී දන්වා සිටියේ උතුරු පළාත් සභාවේ ඇමැතිවරු හා මන්ත්‍රීවරුන් විසින් උතුරු පළාතේ නීති විරෝධී ලෙස ඖෂධ වෙළෙඳසල් හයකට වැඩි සංඛ්‍යාවක්‌ පවත්වාගෙන යන බවට මහජනතාවට පැමිණිලි කොට ඇති බවයි. එබැවින් ඊට එරෙහිව නීති මගින් පියවර ගැනීමට පෙර එම ඖෂධ වෙළෙඳසල් ඉවත් කරගන්නා ලෙසත් සභාපතිවරයා දැන්වීය.

මෙම ඖෂධ වෙළෙඳසල් ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේම නම් වලට ලියාපදිංචි කොට නැතත් ඒවායේ අයිතිය ඇත්තේ ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට බව පැමිණිලිකරුවන් විසින් ඔප්පු කොට ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ඖෂධ වෙළෙඳසල් නිසි ලෙස ලියාපදිංචි නොකිරීම හා ඖෂධ අලෙවි කිරීම සඳහා ඖෂධවේදියකු නොමැතිව එම ඖෂධ වෙළෙඳසල් පවත්වාගෙන යන බවට මහජනතාව නඟා ඇති චෝදනා ඉතා බරපතළ බව ද සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top