Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 12, 2018

රසකැවිලිවල සීනි ප්‍ර‍මාණය අනුව බදු නැහැ - ජනපති

ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය අනුව බදු නියම කිරීමේ රජයේ යෝජනාව සම්බන්ධයෙන් රසකැවිලි නිෂ්පාදකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී සාකච්ඡා පවත්වයි.

රසකැවිලි සඳහා එවැනි බද්දක් නොපනවන බවට එහිදී ජනාධිපතිවරයා තමන්ට සහතික වූ බව රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමයේ හිටපු සභාපති, උස්වත්ත කන්ෆෙක්ෂනරි සමාගමේ ප්‍රධානී ක්වින්ටස් පෙරේරා economynext.com වෙත පවසා ඇත.

ආහාර ග්‍රෑම් 10ක සීනි ග්‍රෑම් 1.5කට වඩා අඩංගු නම් රු. 8.50ක බද්දක් පැනවීමට යෝජනා කර ඇත.

එය රසකැවිලිවලටත් අදාළ වූයේ නම්, දැනට රු. 10කට මිල නියම කර ඇති පෙපර්මින්ට් එකක මිල රු. 18.50 දක්වා ඉහළ නැංවිය යුතු බව හෙතෙම පෙන්වා දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top