Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 12, 2018

රියදුරු විභාගය අද සිට වෙනස්

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී පැවැත්වෙන විභාගයේ ලිඛිත පරීක්‍ෂණය අද (12) සිට නව ක‍්‍රමවේදයකට පැවැත්වීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ලිඛිත පරීක්‍ෂණය පරිගණක ආධාරයෙන් ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසුවේ එහි ආරම්භය වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදි අද සිදුවන බවයි.

මුල් අදියරේදී එම කාර්යාලයේ පමණක් මෙම ක‍්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.මෙහිදී එකවර 150 කට විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන අතර විභාග අක‍්‍රමිකතා වැළැක්වීම, කඩිනමින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම මෙම නව ක‍්‍රමවේදය යටතේ සිදු කිරීමට අපේක්‍ෂිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top