Pasidol
Jul 12, 2018

සාදය අවසානයේ බිරිඳ අතුරුදන් වෙලා

සාදයකට සහභාගි වීම සඳහා කල්පිටියේ සිට මීගමුවට ගිය දෙදරු මවක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඊයේ (11 දා) කල්පිටිය පොලිසියට ලැබී ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කල්පිටිය - කන්දකුලිය පදිංචිව සිටි ඩබ්ලිව්.ඉෂාරා නිශාදි (අවු:29) නම්වූ දෙදරු මවකි.

පසුගිය 06 වැනිදා රාත්‍රීයේ මීගමුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වා ඇති සාදයකට සහභාගි වීම සදහා මෙම කාන්තාව ඇයගේ දරුවන් සහ ස්වාමි පුරුෂයා සමග ගොස් ඇත.එම සාදය 07 වැනිදා අලුයම දක්වා තිබී ඇති අතර සාදය අවසානයේදී තම බිරිද අතුරුදහන්වී ඇති බව ස්වාමි පුරුෂයා දැන ගෙන ඇත. පසුව ඔහු මේ බව මීගමුව පොලිසියට පැමිණිලි කර ඇත.

තම බිරිදට වහං වී සිටීමට හේතුවක් නොමැති බවත්, කිසියම් පිරිසක් විසින් ඇය පැහැර ගෙන යන්නට ඇති බවට විශ්වාස කරන බවත් පැමිණිළිකරු පොලිසිය හමුවේ පවසා ඇත.

මීගමුව පොලිසිය විසින් තම පැමිණිල්ල සම්බන්ධයෙන් දක්වන්නේ මන්දගාමී ප්‍රතිචාරයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් කල්පිටිය පොලිසියටද පැමිණිලි කළ බව ඔහු සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top