Pasidol

Sathosa

Jul 12, 2018

වසර 30ක් තිස්සේ සිදුවන ව්‍යවස්ථා උල්ලංඝණයක් ! Featured

වසර 30ක් තිස්සේ සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) අනාවරණයක් කළේය.

රටේ සියලූම පාසල් සඳහා පුහුණු ගුරුවරුන් සහ ඉගැන්වීමේ සහතික සහිත ගුරුවරුන් පමණක් බඳවා ගත යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම විධිවිධාන පනවා තිබෙන බව පැවසු අගමැතිවරයා, 1987 වසරේදී 13වන සංශෝධනය මගින් මෙම විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණු බවද පැවසිය.

එහෙත්, අවශ්‍ය සුදුසුකම් නොමැති තැනැත්තන් පසුගිය වසර 30 පුරාම ගුරුවරුන් ලෙස බඳවා ගෙන ඇති බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

නව නිපැයුම්, සෞන්දර්ය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රයන්හි සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 1000 ක් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම වෙනුවෙන් අද (12) දින පැවැත්වූ 'සුභග ශිෂ්‍යත්ව' ප්‍රදානෝත්සවයේදී අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රමිතිගත කිරීමේ අවශ්‍යතාවය :

අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රමිතිගත කළ යුතු බව මෙහිදී අවධාරණය කල අගමැතිවරයා, රටවල් ගණනාවක්ම මේවනවිටත් අධ්‍යාපනය සඳහා ප්‍රමිතීන් සකස් කර ඇති බවකියා සිටියේය.

ශ්‍රී ලංකාවටද එවැනි ප්‍රමිතීන් හඳුන්වා දීමට කඩිනමින් කටුයතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට යෝජනා කරන බවද අගමැතිවරයා කියා සිටියේය.

දරුවන් ඇගයීමට ලක් කිරීමට:

නිපැයුම්, ක්‍රීඩා, සෞන්දර්ය ක්ෂේත්‍රයන්හි දක්ෂකම් දක්වන දරුවන් ඇගයීමට ලක් කිරීමට නිසි ක්‍රමවේදයක් නොතිබුන හෙයින් 'සුභග ශිෂ්‍යත්ව' වැඩපිළිවෙළ හඳුන්වා දුන් බව අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.

රජය, අධ්‍යාපන අමාත්‍යංශය කරන මෙවැනි ව්‍යාපෘති වලින් උපරිම ඵල නෙලාගැනීම දරුවන්ගේ වගකීම බවද ඇමතිවරයා කියා සිටියේය.

View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/news/13127-30#sigProIdd5cfc313dd

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top