“ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් නවතියි.” යන ශිර්ෂපාඨය යටතේ මාධ්‍ය වල ඊයේ දින (13) පළ කර තිබූ ප්‍රවෘත්තිය පිළිබදව ඔහු විසින් නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක එබව සඳහන් වේ.
එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
''ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදු කරන ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතිය මීට කළකට පෙර අළුත්වැඩියා කර ඇත. ඉන් පසු යළි අළුත්වැඩියා කිරීම සදහා එම රෝහලේ ප්‍රාදේශීය ටෙන්ඩර් මණ්ඩලය ටෙන්ඩර් කැදවා ඇත.
එම මිල ගණන් සීමාවෙන් ඔබ්බට යාම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාල ටෙන්ඩර් මණ්ඩලය වෙත තීරණයක් ගන්නා ලෙස දැනුම් දී ඇත. ඒ රජයේ නීති රීති යටතේය.
අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලය තීරණයක් ගෙන ඉදිරි දින කිහිපය තුළ දී වායු සමීකරණ පද්ධතිය අළුත්වැඩියා කිරිමට ආයතනයකට බාරදීමට නියමිතව ඇත. මේ පිළිබදව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාගෙන් කරුණු විමසා ඇත.
එහිදී අධ්යක්ෂවරයා දැනුමි දී ඇත්තේ කිසිදු හෘද ශල්‍යකර්මයක් නතර කර නොමැති බවයි. වායු සමීකරණ පද්ධතිය අළුත්වැඩියා කිරීම ප්‍රමාද වන්නේ නම් පමණක් ශල්‍යකර්ම නතර කිරිමට සිදුවන බව අධ්යක්ෂවරයා දැනුම් දී ඇත.
සබැඳි පුවත් :
කරාපිටියේ ඒ.සී. කැඩිලා : හෘද සැත්කම් නවත්වයි !
ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් නතර කිරීමක් සිදුව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටියි.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362